මැදපෙරදිග සංචාරක කේන්ද්‍රය ලෙස සැලකෙන ඩුබායි හි කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස චීනයේ සීනොෆාම් එන්නත අද (31දා) දිනයේ සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම අරඹන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
එමීරයේ සියලුම වැසියන් මෙම එන්නත සඳහා සුදුසුකම් ලබා ඇති අතර, වයස අවුරුදු 60 සහ ඊට වැඩි ඩුබායි වැසියන්ටද එන්නත ලබාදීමේ ව්‍යාපාරයෙන් ප්‍රයෝජන ගත හැකි බව එම නිවේදනයේ දැක්වේ.