එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකු අද දින සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස අද දින සවස 4.50 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
වැඩිහිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 393 දෙනෙකු සහ කුඩා දරුවන් 07 දෙනෙකු මෙම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් සියලු දෙනා මත්තල ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .