රට පුරා පනවා ඇති කොවිඩ්-19 සීමා කිරීම් සහ ඩිජිටල් එන්නත් සහතිකයක් නිකුත් කිරීමට රජය ගෙන ඇති සැලසුම්වලට විරෝධය පළ කරමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර උද්ඝෝෂණ පැවැත්වී තිබේ.
'මැන් ඉන් බ්ලැක් ඩෙන්මාර්ක්' නමැති සංවිධානය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත සිට නගර මධ්‍යය හරහා පන්දම් දල්වාගෙන "අපට දැන් හොඳටෝම ඇති" සහ "ඩෙන්මාර්කයට නිදහස" යනුවෙන් හඬ නගමින් පා ගමනින් ගොස් තිබේ.
ඔවුන්ගේ කෝපය උත්සන්න වී ඇත්තේ එන්නත් කරන ලද අයට වඩාත් නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන 'කොරෝනා ගමන් බලපත්‍රයක්' දියත් කිරීමේ රජයේ සැලසුම්ය. එය ක්‍රීඩා හා සංස්කෘතික උත්සව සඳහා මෙන්ම අවන්හල් සඳහාද භාවිතා කළ හැකි බව කියයි.
විරෝධතා සංවිධායකයන් පවසන්නේ එවැනි ගමන් බලපත්‍රයක් එන්නත් කිරීම සඳහා බැඳීමක් වන අතර, එය පුද්ගල නිදහසට තවදුරටත් සීමා කිරීමක් බවයි. ඩෙන්මාර්කයේ එන්නත් ලබාගැනීම අනිවාර්ය නොවේ.