මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
එම පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පතුරුවාහරින එම පුවත් සත්‍යයෙන් තොර බවයි.
එසේම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය මේ දක්වා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කර නොමැති බවත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසයි.