ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක සහන ණයක් ලබාගැනීමට චීන මූල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
චීන ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර මෙහිදී ශ්‍රී ලංකාව චිනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලූ බවත් එය ලබාගැනීම සඳහා ඉදිරියේදී ගිවිසුම් අත්සන් කිරිමට නියමිත බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.
මේ පිළිබඳව පැහැදිලි කිරිමක් කරමින් චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ අදාළ ණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.
කොවිඩ් 19 පසුව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අපහසුතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සෑම ආකාරයෙන්ම අවශ්‍ය සහාය චීනය ලබාදෙන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.