ටියැන්වෙන් රෝවරය අඟහරු මතට ගොඩබායි
බීජිං, මැයි 15 (ෂින්හුවා) - චීනයේ පළමු අඟහරු රෝවරය රැගත් ලෑන්ඩරය බීජිං වේලාවෙන් සෙනසුරාදා (15දා) අලුයම අඟහරු (රතු ග්‍රහලෝකයට) සාර්ථකව ඇතුළත් වූ බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.
පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකට චීනය රෝවරයක් යොමුකළ පළමු අවස්ථාව මෙයයි.
දකුණු චීනයේ දූපත් පළාතක් වන හයිනාන් වෙරළ තීරයේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයෙන් 2020 ජූලි 23 වන දින ලෑන්ඩර් සහ රෝවරයකින් සමන්විත ටියැන්වෙන් -1 දියත් කරන ලදී.
එය චීනයේ ග්‍රහලෝක ගවේෂණයේ පළමු පියවර විය. අඟහරුග්රහයාගේ කක්ෂගත කිරීම, ගොඩබෑම සහ සැරිසැරීම සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කරන ලදී.

popular news
-
සරත්චන්ද්‍ර Saturday, 15 May 2021 04:49 PM
ඇමරිකාව හැම දාම කලේ අනික් රටවල් වලට වඩා තමන් ලොකු බව පෙන්නන්ඩ අහවල් රොකට් එක අපි යැව්වා කියන එකයි. 1969 දී ඇපලො 11 එකෙන් හඳට ගියා කියලා හොලිවුඩ් චිත්‍රපටයක් පෙන්නපු එකයි. මේ පාර චීනයට වඩා ලොකු බව පෙන්නන්ඩ බොරු රොකට් යැව්වා ද දන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

