ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ නිල ප්‍රකාශයක් සිදුකරන බව ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයෝ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04දා) අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී මේ බව දැනුම්දී ඇත.
ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවට එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳවද මෙම හමුවදී අවධානය යොමුකර ඇත.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන ඉලංගයි තමිල් අරසු කච්චිහි සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට පෙරේදා (04දා) ප්‍රකාශ කළේය.