ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදුකරන සංක්‍රමණ තහනම සම්බන්ධයෙන් වූ විධායක නියෝගය දින 60ක කාලයක් සඳහා ග්‍රීන්කාඩ් අපේක්ෂා කරන අයට පමණක් අදාළ වන බවත්, තාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
"එක්සත් ජනපදයට සංක්‍රමණය වීම තාවකාලිකව අත්හිටුවන" බව සඳුදා සවස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි අතර, ඊයේ (21දා) මෙම පියවර පිළිබඳ විස්තර විග්රහ කරමින් ට්‍රම්ප්, කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ සංක්‍රමණික කටයුතු සම්පූර්ණයෙන් නතර නොකරන බව කියා සිටියේය.
ඒ වෙනුවට, ඔහු කියා සිටියේ මෙම ප්රතිපාදනය එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන පුද්ගලයින්ට පමණක් දින 60ක විරාමයක් වනු ඇති බවයි.
මෙම විධායක නියෝගයට ජනාධිපතිවරයා අද (22දා) අත්සන් කිරීමට නියමිත බවත්, අදාළ කාලය අවසානයේදී එම නියෝගය සමාලෝචනය කර එය අලුත් කළ යුතුද යන්න තීරණය කරන බවද ඔහු පවසා සිටියේය.
මෙම නියෝගයෙන් ආර්ථික බලපෑම් ඇති වනු ඇතැයි ට්‍රම්ප් යෝජනා කළ අතර එය ඇමෙරිකානු කම්කරුවන් ආරක්ෂා කරනු ඇතැයි ඉඟි කළේය.