ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් තමා කොවිඩ්-19 සමග සටන් කළ අත්දැකීම් විස්තර කරමින්, තම පුත් බැරන් ට්‍රම්ප්ද කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි බව හෙළිකර තිබේ.
තමාට සහ තම ස්වාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්-19 ආසාදනය වූ පසුව තම මනස ක්ෂණිකවම තම පුතා වෙත ගිය බවත්, එම අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීමේදී සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබුණු බව ඇය කියා තිබේ.
කෙසේ වෙතත් බැරන් නැවත පරීක්ෂාවට ලක්කිරීමේදී ඔහුද වෛරසයට ගොදුරුව ඇති බව හෙළි වූ බව පවසන මෙලානියා, බැරන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බවත්, දැන් ඔහු මෙන්ම තම ස්වාමියා වූ ට්‍රම්ප් සහ තමන්ද වෛරසයට සෘණාත්මක බව පරීක්ෂා කර ඇති බව වෛද්‍යවරුන් පවසන බව කියා සිටියි.