ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්රයන් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ට්රම්ප්ගේ ඉහළම සහායකයකු වන ඕ බ්රයන් මෑතකදී යුරෝපා සංචාරකින් පසුව යළි පැමිණි තිබුණේ එක්සත් රාජධානිය, ප්රංශය, ජර්මනිය සහ ඉතාලියේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම අදහස් දැක්වීම ධවල මන්දිරය ප්රතික්ෂේප කර, ඔහු සමග සම්බන්ධ වූ සෙසු නිලධාරීන් නිරෝධායනය කිරීමක් සිදුවනු ඇත්ද යන්න පැහැදිලි කර නොතිබුණි.
කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරය සිද්ධිය සනාථ කළ අතර, රොබට් ඕ බ්රයන් වෛරසයට ධනාත්මක බවත්, ඔහු ස්වයං හුදකලාවකට ලක්කර ඇති බවත් නිවේදනය කරයි. එසේම ජනාධිපති ට්රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති බවද ධවල මන්දිර නිවේදනයේ දැක්වෙයි.