ඇමෙරිකානු නායකයා විසින් එරට බෝවන රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි වෙත දිගින් දිගටම එල්ල කරන චෝදනා ගණනකට නොගත් ඔහු, 'ගෝඩ්ෆාදර්' උපුටා දක්වන පිළිතුරකින් අදහස් දක්වා තිබේ.
පසුගිය සඳුදා ජනාධිපති ට්‍රම්ප් මැතිවරණ කතාවකදී කියා සිටියේ නව කොරෝනා වෛරස වසංගතය ගැන ඇසීමෙන් ජනතාව වෙහෙසට පත්ව සිටින බවය. එහිදී වෛද්‍ය ෆවුසි යනු ව්‍යසනයක් ලෙස ජනාධිපතිවරයා හැඳින්වීය.
ඒ අනුව ට්‍රම්ප්ගේ ප්‍රහාර හේතුවෙන් ධවල මන්දිරයේ සිය භූමිකාවෙන් ඉවත්වීමට තමාට හැඟෙනවාදැයි එරට ගුවන්විදුලි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ෆවුසිගෙන් විමසා සිටියේය.
"ඔබ එය පෞද්ගලිකව ගතහොත් එය එහෙම වේවි. නමුත් මම මුළුමනින්ම අවධානය යොමු කරන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය ගැනයි. මගේ වෘත්තීය ජීවිතයේ වසර 50ක් ඒ සඳහා මා කැප කළා" වෛද්‍ය ෆවුසි පැවසීය.
"මා සැබවින්ම සැලකිලිමත් වන එකම දෙය මෙයයි. අනෙක් දේවල් 'ගොඩ්ෆාදර්'වල වගෙයි. කිසිවක් පෞද්ගලිකව ගන්නේ නැහැ. මා මීට සම්බන්ධව සිටිනතාක් දැඩිව රාජකාරීමය වශයෙන් පමණයි."වෛද්‍ය ෆවුසි කීවේය. "මට අවශ්‍ය වන්නේ මගේ රාජකාරිය ඉටුකරමින්, මේ රටේ ජනතාව රැකබලා ගැනීමයි. මට අවශ්‍ය වන්නේ එයයි."
ට්‍රම්ප් විසින් වෛද්‍ය ෆවුසි යනු ව්‍යසනයක් ලෙස හැඳින්වීම ගැන පිළිතුරු දෙමින්, "මම කැමතියි ඒ ගැන අදහස් නොදැක්වීමට. අපි ඇත්තටම දැනට සිදුකරන කාර්ය ගැන පමණක් අවධානය යොමුකරමින් කටයුතු කිරීමට මා කැමතියි." ෆවුසි පැවසීය.
"අප උත්සාහ කරන්නේ ඇමෙරිකානු ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සහ ආරක්ෂාව ප්‍රධාන වශයෙන් සහ අවසානයේ ලෝකයේ ආරක්ෂාවයි. අපේ රටේ ආසාදන යළිත් ඉහළ යමින් පවතිනවා. බොහෝ රාජ්‍යයන් සාධාරණ ලෙස ක්‍රියා කරමින් සිටි බව දැන් පෙන්නුම් කරනවා. අප අවධානය යොමු කළ යුත්තේ එයයි" වෛද්‍ය ෆවුසි පෙන්වා දුන්නේය. "අනෙක් සියල්ලම අවධානය වෙනතකට යොමු කිරීමක් වන අතර, මා එයින් මෑත්ව සිටීමට කැමතියි. මේ රටේ, දැන් පවතින්නේ කොවිඩ්-19 තෙහෙට්ටුවක්. අප දැන් මාස නවයකට ආසන්න කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා." වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් පැවසීය.