හිටපු ජනාධිපති බරැක් ඔබාමා ඇමෙරිකාවේ කළු ජාතික උසස් පාසල් සහ විශ්ව විද්‍යාලවල දේශනයක් ජාලගතව පවත්වමින් එරට කොවිඩ්-19 වෛරස වසංගතය හැසිරවීම සම්බන්ධයෙන් භාරව කටයුතු කරන පුද්ගලයන් විවේචනය කළේය.
"සියල්ලටම වඩා, මේ වසංගතය මෙහෙයවීම භාරව සිටින බොහෝ දෙනා තමන් කරන්නේ කුමක්දැයි යන්න තමන් දන්නා බවට හැඟවූ තිරය අවසානයේදී ඉරා දමා තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනා අඩුම තරමින් මේ වගකීම දරන බවට මවා පෑමක් හෝ සිදුකර නැහැ." ට්‍රම්ප් කියා සිටියේය.
කෙසේ වෙතත් මෙහිදී හිටපු ජනාධිපති බරැක් ඔබාමා විසින් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සඳහන් නොකළද, ප්‍රධාන කොට ඔහුවම ඉලක්ක කරමින් මෙම විවේචනය සිදුකිරීමද විශේෂත්වයකි.
විශේෂයෙන්ම නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ මියගිය වැඩිදෙනා කළු ජාතිකයන් වීම තුළ එරට කළු ජාතිකයන්ට වසංගතය හමුවේ අසමාන ලෙස සිදුව ඇති බලපෑමද ඔහු කතා කළේය.
"මේ වසංගත රෝගය මගින් ඓතිහාසිකවම මේ රටේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් සහ අමතර බර ඉස්මතු කර තිබෙනවා. කොවිඩ් -19 නිසා අපේ ප්‍රජාවන්ට ඇති අසමාන බලපෑමෙන් අප එය අත්දකිනවා" ඔබාමා පැවසීය.
ඒ අනුව එකිනෙකා ගැන සැලකිලිමත් වන ලෙස ඔහු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේ, "අපේ සමාජය හා අපේ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේ අප ගැන පමණක් නොව එකිනෙකා ගැන සිතන විට පමණයි." යනුවෙනි.
ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගය අද (17දා) උදෑසන වනවිට 1,467,796ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 88,754ක් දක්වා වර්ධනය වී තිබේ.
එරට මරණවලින් වැඩිම අනුපාතය වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව මේ වනවිට 28,000 ඉක්මවා ඇත. එමෙන්ම ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 268,376ක් ලෙස එම විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.