ඇමෙරිකා එක්සත් ජනපදයේ මස් සැකසුම් කම්හල් විවෘතව තැබීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.
ආරක්ෂක නිෂ්පාදන පනත යටතේ මෙම විධානය ලබාදී ඇති බව වාර්තා වන අතර, ටයිසන් ෆුඩ්ස් වැනි සමහර එක්සත් ජනපද සමාගම් සිය පහසුකම්වලින් 20%ක් පමණක් විවෘතව තබා ගැනීම ගැන සලකා බැලීමෙන් පසුව මෙම විධායක නියෝගය නිකුත් කර තිබේ. මේ නිසා එරට මස් සැකසුම් කම්හල් අතිමහත් බහුතරයක් වසා දැමීමට ඉඩ තිබුණු බවත්, එමගින් රටේ සැකසුම් ධාරිතාව 80%ක් තරම් අඩුවීමට තිබූ බැවිනුත් මෙම කඩිනම් ක්‍රියාමාර්ගය ගත් බව රජයේ නියෝජිතයෙකු පැවසීය.
නියෝගයට අත්සන් කිරීමෙන් ට්‍රම්ප් මෙම මස් සැකසුම් කම්හල් එක්සත් ජනපදයේ තීරණාත්මක යටිතල ව්‍යුහයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එක්සත් ජනපදයේ රට පුරා වූ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයින් දහස් ගණනක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව තාවකාලිකව මෙහෙයුම් නතර කිරීමට බල කෙරිණි.
එරට එක්සත් ආහාර හා වාණිජ සේවක ජාත්‍යන්තර සංගමය ඇස්තමේන්තු කර ඇත්තේ මේ දක්වා මස් ඇසුරුම් හා ආහාර සැකසුම් කම්කරුවන් 20 දෙනෙකු පමණ කොවිඩ්-19 හේතුවෙන් මියගොස් ඇති බවයි.