ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කැරොලිනාවේ ෆුජිෆිල්ම් එන්නත් විද්‍යාගාරයක සංචාරය කරන අවස්ථාවේදී යළිත් වරක් මුඛ ආවරණයකින් සැරසී සිටින දුර්ලභ ඡායාරූපයක් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයන්ට හසුව තිබේ.
ට්‍රම්ප් මෑතකදී මුඛ ආවරණ පැලඳීම දිරිගැන්වීම සඳහා මාරු වූයේ මාස ගණනාවක් පුරා එය මෝඩ ක්‍රියාවක් ලෙස හංවඩු ගසමින් සිට, රට තුළ වෛරසය පාලනය කරගත නොහැකි මට්ටමට වැඩිවූ පසුබිමකය.
ඒ අනුව මේ මස මුලදී ට්‍රම්ප් තමා මුඛ ආවරණයක් පැලඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ට්වීට් කළ අතර, මෙම ක්‍රියාව දේශප්‍රේමී යැයි ඔහු වක්‍රව හඳුන්වා දුන්නේය.
එලැඹෙන ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් කෙරෙහි වූ ජනතා විශ්වාසය ශීඝ්‍රයෙන් පලුදු වන ආකාරය දැකීමෙන් පසුව මේ ආකාරයෙන් ට්‍රම්ප් තමා විසින්ම විරෝධය පෑ මුඛ ආවරණය වර්ණනා කරමින්, ඒ වෙත නැඹුරුව සිටින බව විචාරකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 4,286,663ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 147,588ක් දක්වා ඉහළ ගොස් තිබේ.