ඉතියෝපියාවේ උතුරු ටයිග්රේ කලාපයේ සති ගණනක මාරාන්තික ගැටුමකින් පසු, එරට අගමැති අබී අහමඩ් විසින් එම කලාපයේ ටයිග්රේ මහජන විමුක්ති හමුදාවට යටත් වීමට පැය 72ක කාල සීමාවක් ලබා දී තිබේ.
අබී කියා සිටියේ රජයේ හමුදා මේ වනවිට ප්රදේශයේ හමුදා මෙහෙයුමේ තුන්වැනි හා අවසාන අදියරේ සිටින බවය.
"ඔබ ආපසු නොපැමිණෙන බව හඳුනාගෙන ඉදිරි පැය 72 තුළ සාමකාමීව යටත් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා." ප්රාදේශීය පාලක පක්ෂයේ සාමාජිකයින් වන ටයිග්රේ මහජන විමුක්ති පෙරමුණ අමතමින් ඔහු තවදුරටත් පැවසීය.
ඉතියෝපියාවේ අග්රාමාත්ය අබී අහමඩ් ගුවන් ප්රහාර ඇතුළු මිලිටරි ප්රහාරයක් ප්රකාශයට පත් කළ නොවැම්බර් මස මුල සිට ඉතියෝපියාවේ රජයේ හමුදා එරිත්රියාව සහ සුඩානය මායිම්ව ඇති ටයිග්රේ ප්රාදේශීය රජය සිවිල් යුද්ධයක පැටලී සිටියි.
අබීගේ අභිමතයට එරෙහිව කලාපයේ ස්වයං පරිපාලනයක් තෝරා ගැනීමට ටයිග්රේ මහජන විමුක්ති පෙරමුණ ඒකපාර්ශ්විකව තීරණය කිරීමත් සමග මෙම යුද ගැටුම් ඇතිවිය.
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව මෙම ගැටුම්වලින් සිය ගණනක් මියගොස් ඇති අතර, අවම වශයෙන් සරණාගතයින් 30,000ක් පමණ සුඩානය වෙත පලා ගොස් ඇත.