තලවකැලේ සිට මහියංගණය දක්වා අධික වේගයෙන් ධාවනය වු ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ තේ වත්තේ ප්රපාතයකට පෙරලි එම ටිපර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
අද දින උදැසන 11 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ නානුඔය ෆාමස්ටන් වත්ත ප්රදේශයේදිය.
තලවකැලේ සිට වැලි ප්රවාහන කිරිම සදහා අධික වේගයෙන් ධාවනය වි ඇති ටිපර් රථය ඉදිරියෙන් ධාවනය වු මොටර් රථයක් ඉස්සර කර ගොස් ප්රධාන මාර්ගයේ ආරක්ෂිත පැති බැම්මද කඩාගෙන ප්රපාතයට පෙරළි ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.
ප්රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග අධික වේගයෙන් ධාවනය වි ඇති ටිපර් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවත්, එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.