ටැන්සානියානු ජනාධිපති ජෝන් මගුෆුලි වයස අවුරුදු 61 දී හෘදය ආශ්රිත රෝගයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට උප ජනාධිපති සමියා සුලූහු හසන් ඊයේ (17දා) නිවේදනය කළේය.
"අද දින සවස 6.00 ට පමණ මියගිය අපගේ නිර්භීත නායක ජනාධිපති ජෝන් පොම්බේ ජෝශප් මගුෆුලිගේ හදිසි අභාවය මා ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා." රජයේ ටැන්සානියා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ උප ජනාධිපතිවරයා නිවේදනය කළේය.
ජනාධිපති මාගුෆුලි මීට පෙර ජකායා කික්වෙට් හෘද රෝග ආයතනයට ඇතුළත් කර ඇති අතර, ඔහු දැනට වසර 10ක පමණ කාලයක සිට තමා පීඩා විඳින හෘද රෝගය සඳහා ඉන් ප්‍රතිකාර ලබාගත් බවද සඳහන් වෙයි.
ටැන්සානියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා දිවුරුම් දුන් පස් අවුරුදු ධුර කාලය සඳහා තවත් කාලය ඉතිරිව ඇති නම් ඒ කාලය සඳහා ජනාධිපති ධුරයට උප ජනාධිපතිවරයා පත්වනු ඇත. මියගිය ජෝන් මාගුෆුලි 2020 ඔක්තෝම්බර් මාසයේදී ටැන්සානියාවේ ජනාධිපති ලෙස නැවත තේරී පත් විය.
මාගුෆුලිගේ අභාවය වෙනුවෙන් දින 14ක ජාතික ශෝකයක්ද උප ජනාධිපති හසන් නිවේදනය කළේය.