එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තයේ අගනුවර වන ඔස්ටින්හිදී ඊයේ (18දා) පස්වරුවේ පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කළ තුවක්කුකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
41 හැවිරිදි ස්ටීවන් නිකලස් බ්රොඩ්රික් වෙඩි තැබීම සිදුකළ සැකකරු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම ප්රහාරයට ඉලක්ක කරගත් වින්දිතයින් සැකකරු දැන සිටින්නට ඇති නමුත්, ඔවුන්ගේ සම්බන්ධතාව මෙතෙක් පැහැදිලි නැති බවද කියයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ප්රදේශවාසීන්ට අනතුරු අඟවා තිබූ අතර, නිවෙස්වලින් බැහැරට නොයන ලෙසද පවසා තිබුණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසන්න කාලය තුළ මෙවැනි වෙඩි තැබීම් සුලභ වී ඇති අතර, එරට ගිනිඅවි පාලනය සම්බන්ධ නීතිරීති කාලය පටන් මතභේදයට තුඩුදී තිබුණද එහි නිසි නියාමනයක් මෙතෙක් සිදුව නොමැත.