නව කොරෝනා වෛරසය ගෝලීයව පැතිරීම හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා කල් දැමිය හැකි බවත්, ක්රීඩා උළෙල අවලංගු කිරීම කළ නොහැකි බවත් ජපාන අගමැති ෂින්සෝ අබේ අද (23දා) එරට පාර්ලිමේන්තුවේදී පැවසීය.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (අයිඕසී) හදිසි රැස්වීමකින් පසුව, ඉරිදා කියා සිටියේ නව කොරෝනා වෛරස් වසංගතය පැතිරීමත් සමඟ ටෝකියෝ 2020 ක්රීඩා උළෙල සඳහා වර්තමාන තත්ත්ව සැලසුමක් වේගයෙන් ක්රියාවට නැංවිය යුතු බවයි. ඒ සඳහා ක්රීඩා උළෙල කල්දැමීම සම්බන්ධයෙන්ද සලකා බැලිය යුතු බව සඳහන් විය.
ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙල එහි සම්පූර්ණ ස්වරූපයෙන්ම පැවැත්විය යුතුය යන මතයට අනුකූලව ඉරිදා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෙම තීරණය ගත් බව අබේ පැවසීය.
මේ අතර ඔලිම්පික් ක්රීඩා උළෙල සඳහා තම ක්රීඩක ක්රීඩිකාවන් සහභාගී නොකරන බව කැනඩාව ප්රථම වරට කියා සිටියේය.