ජනප්‍රිය කෙටි ආකෘති වීඩියෝ යෙදුමක් (ඇප්) වන ටික්ටොක් එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වීම තහනම් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මයික්‍රොසොෆ්ට් සමාගම තම චීන සමාගමට අයත් මව් සමාගමෙන් ටික්ටොක් යෙදුම මිලදී ගැනීම සඳහා වූ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිරයා මෙම අදහස් පළ කළේය.
"ටික්ටොක් සම්බන්ධයෙන් ගත්විට, අපි ඔවුන්ව එක්සත් ජනපදය තුළ තහනම් කරනවා" ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයට ගොඩවීමට පෙර මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ තමාට හදිසි ආර්ථික බලතල හෝ විධායක නියෝගයක් මේ සඳහා භාවිත කළ හැකි බවය. එවැනි නියෝගයක් කෙබඳු වනු ඇත්ද සහ එය මුහුණ දිය හැකි නීතිමය අභියෝග මොනවාද යන්න ඔහු පැහැදිලි නොකළේය.
ඒ වෙනුවට ට්‍රම්ප් කියා සිටියේ, "හොඳයි, මට ඒ අධිකාරිය තියෙනවා" යනුවෙනි.
මීට පෙර සිකුරාදා, ට්‍රම්ප් පරිපාලනය තුළ මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයින් අපේක්ෂා කළේ, ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව හිමි චීන සමාගම වන බයිට් ඩෑන්ස් වෙත, සිය වීඩියෝ යෙදුමේ එක්සත් ජනපද මෙහෙයුම් විකිණීම සඳහා බල කිරීම වෙනුවෙන් වූ නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කළ බවය.
ටික්ටොක් ජාතික ආරක්ෂාවට අවදානමක් විය හැකි බවට ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් පැන නැගුණු ඉල්ලීම් විසඳීමට ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇති බව කියැවෙයි. මීට පෙර තම ජතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියමින් ඉන්දියාවද ටික්ටොක් තහනම් කළේය.