ටී 56 ගිනිඅවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන “සිඟිති කළුවා” යන නමින් ප්රසිද්ධ අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය හීන්බුන්න ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි “සිඟිති කළුවා” නම් අන්වර්ථ නාමයකින් ප්රසිද්ධ අයකු බව පොලිසිය කියයි.
සැකකරු ඔහුගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ටී56 ගිනිඅවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු ග්රෑම් ඒකක් සහ මිලිග්රෑම් 610ක් ඔහු සතුව තිබී පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පැල්මඩුල්ල, ගලේවෙල, කහවත්ත, කඹුරුපිටිය, ඇඹිලිපිටිය, කුට්ටිගල , පිළියන්දල, බේරුවල ආදී දිවයිනේ විවිධ ප්රදේශවල ගෙවල් බිඳුම්, මංකොල්ලකෑම් ආදී අපරාධ ගණනාවකට සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයිද ඔහුට වරෙන්තු 11ක් ඇතැයිද පොලිසිය කියයි.