අධිකරණයට අපහාස කළැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇත නඩුවේ තීන්දුව ලබන 08 දා ලබාදෙන ලෙස අභියාචනාධිකරණය අද (18දා) නියෝග කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේදී කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වු රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
දීර්ඝකාලීන නඩු විභාගයකින් අනුව පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අවසන් කරමින් මෙම නඩුවේ තීන්දු 08 වැනිදා ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
