ඥානසාර හිමිගේ මාස 6ක සිර දඬුවම අත්හිටුවයි
තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට එරෙහිව තිබූ මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවිමට කටයුතු කළේය.
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් පැනවීමට හෝමාගම මහාධිකරණය පසුගිය ජුනි මාසයේදී කටයුතු කළේය.
කෙසේ වෙතත් උන්වහන්සේ ඒ සමබන්ධයෙන් ඇපෑලක් ඉදරිපත් කළහ. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අභියාචානාධිකරණය දුන් තීන්දුවක් අනුවය.

popular news
-
Champa Friday, 08 February 2019 05:09 PM
මේ සිරදඬුවම අත් හිටෙව්වා නම් අනිත් සිරදඬුවමත් එහෙම හෝ අහෝසි කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියනවා "commutation of sentence" කියලා. ඒකේ තේරුම කරපු වැරැද්දට වරදකරු නමුත් දඬුවම අහෝසියි කියන එක. ඊයේ දැක්ක හමුදාවේ කෙනෙක් මරපු මිනිස්සු දෙන්නෙක් නිදහස් කරලා තියෙනවා. විත්තිකාරයන්ට පෙනී ඉඳල තියෙන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්. මීට කලින් ත්රස්තවාදීන් වෙනුවෙනුත් පෙනී හිටලා ත්රස්තවාදීන් නිදහස් කරල දුන්නා. හමුදාවට විරුද්ධව ත්රස්තවාදීන් සහ මිනීමරුවන් වෙනුවෙන් පෙනී හිටින සාලිය පීරිස් තමයි, හමුදාව පුද්ගලයන් අතුරුදහන් කලා කියල උපකල්පනය කරලා හොර නඩු හදන OMP එකේ සභාපති. ඔන්න වැඩ!! ත්රස්තවාදීන් මිනීමරුවන් වෙනුවෙන් පෙනී හිටින නීතිඥයෙක්ගෙන් කොහොමද OMP එකේ සභාපති හැටියට අපක්ෂපාති තීන්දු බලාපොරොත්තු වෙන්නේ? ඔහුව වහාම ඒ තනතුරෙන් ඉවත් කල යුතුයි. ලංකාවේ නීතිය සහ සාමයට තියෙන ලොකුම බාධාව තමයි රටේ නම් දරාපු පට්ට නීතිඥයෝ ඔක්කොම මිනීමරුවන්, ත්රස්තවාදීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ පල්හොරුන් වෙනුවෙන් පෙනී හිටීම. මොවුන්ට ජනාධිපති නීතිඥකම් දුන්නු ජනාධිපතිවරුනට මඩු වලිගෙන් ත
Reply : 0 2
rocky Friday, 08 February 2019 06:50 PM
චෝදනාවකට උසාවියෙන් වැර දිකරු වී සිර දඬුවම් විඳින මේ තක්කඩි චීවරධාරියාට `වහන්සේ` කියා ගවුරව කරන්නේ ඇයි? එහෙම නම් ලඟදි අර මෙහෙනින්නාන්සේව සමූහ දූෂණයට ගොදුරු කළාය කියන `මහා සංඝ රත්නේටත් ` ගවුරව කරන්න වටිනවා නේ? සිවුරට නින්දා කරන කහකඩයන්ගෙන් සාසනය බේරා ගත යුතුයි !
Reply : 2 0
සංජීව Sunday, 10 February 2019 01:47 AM
එතකොට ඔය එකනලිගොඩ කියන කෙනා ජීවත්ව සිටියදී, ඔහු අතුරුදන් බව පවසමින් ලංකා රජය මුලා කිරීම සත්‍ය වුවහොත් සන්ධ්‍යා හට දෙන දඩුවම මොකක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
