ඥාතීන් භාර නොගත් කොවිඩ් සිරුරු නිරෝධායන රීති අනුව ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 19 දෙනෙකුගේ මෘත දේහ මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශාරීරාගාර තුළ ඇති බව වාර්තා වේ.
රජයෙන් මුදල් අනුමත නොකිරීම නිසා කොළඹ මහ නගර සභාවේ වියදමින් අවසන් කටයුතු කිරීමට ඉල්ලීමක් ලිඛිතව සිදුකර ඇති බවද සෞඛ්‍ය අංශ අනාවරණ කළහ.