ජොන් අමරතුංගගේ චරිත දෙකක් මම දකිනවා - ජනපති
ජෝන් අමරතුංග මහතාගේ චරිත දෙකක් මම දකිනවා. එකක් තමයි දේශපාලනඥයෙක් විදියට දකින එතුමාගේ චරිතය. දේශපාලනඥයෙක් කියන චරිතය ඉවත් කරලා ජෝන් අමරතුංග කියන චරිතය ගත්විට ඒ චරිතය මිත්‍රශීලී, සුහදශීලී හා සමාජශීලී චරිතයක් විදියටයි මම දකින්නේ. බොහෝ අවස්ථාවල යම් යම් දේශපාලන ගැටුම් ප්‍රශ්න ඇතිවන වෙලාවල් තියෙනවා. මම දන්නවා එතුමා සරලව, නිවුන විදියට, සිනහමුසු මුහුණින් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්.
ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවයට වසර 40ක් පිරිම නිමිත්තෙන් ඊයේ (27) පැවති උළෙලට එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා,
විවිධ ක්ෂේත්රවල අපි සෑම කෙනෙක්ම පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයින්, රාජ්‍ය සේවය, ව්‍යාපාරික ක්ෂේත්රය ආදී විවිධ ක්ෂේත්රවල නියැලී සිටින චරිතවලින් වඩාත් වැදගත් වන්නේ අපි ජීවත්වන කාල සීමාව තුළ මිනිසුන් විදියට මිනිසුන් වෙනුවෙන් යමක් කළ හැකි නම් ඒ ගැන තමයි අපි සතුටට පත්විය හැක්කේ.
අපි දන්නේ එතුමාගේ දේශපාලන ජිවිතයේ වයස විතරයි. එතුමාගේ වයස කීයද කියලා අපි දන්නේ නැහැ. මේ උත්සව සභාවේ කොහේවත් කියවුණේ නැහැ. ඒ නිසා වයසත් 40 ක් වෙන්න ඇති කියලා අපි හිතනවා.
කෙසේ වෙතත් ඔබතුමාගේ වසර 40 ක දේශපාලන ජීවිතයේ තවත් වසර 40 ක් රට වෙනුවෙන් සේවය කරන්න ඔබට නිරෝගී භාවය, දීර්ඝායුෂ පතන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

popular news
-
Champa Thursday, 28 February 2019 05:31 PM
ජෝන්ගේ අපූරු දේශපාලනේ කොච්චර හොඳද කිව්වොත්, ආයේ ඉල්ලුවොත් හෙම, පාට පක්ෂ භේදයක් නැතුව ඊළඟ චන්දෙදි ජෝන්ව ගෙදර යවන්න මිනිස්සු බලා ඉන්නවා.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
