ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියාවට යෑමට අවසර
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යෑමට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, ඔහු ඉන්දියාවට යෑම සඳහා කළ ඉල්ලීමට අවසර දුන්නාය.
ඔහුගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පවසමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන 13 වැනිදා සිට 20 වැනිදා දක්වා ඒ සඳහා ඔහුට ඉන්දියාවට යෑමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය, සිංගප්පූරුවට යෑමට කළ ඉල්ලීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කළාය.
ජෙෆ්රි ඇලෝසියස් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී මහා පරිමාණ වංචාවක් සිදුකළ බව පවසමින් සැකපිට මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළමනාකාර අධක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

