ජුනි මාසය සඳහා ආදාළ ගොවි හා විශ්‍රාම වැටුප් දිමනාව මෙම මස 20 වන දින සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වෙත ලබා දිමට කටයුතු සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් හා ධිවර විශ්‍රාම වැටුප් හිමි සියලු විශ්‍රාම වැටුප්ලාභින් වෙත තමන්ට නියමිත තැපැල් කාර්යාල මගින් මෙම මස 22 වන සදුදා දිනි සිට කිසිදු අපහසුවකින් තොරව අදාළ විශ්‍රාම වැටුප් ලබා ගත හැකි බව නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
