ජීවිතාන්තය දක්වා මන්ත්‍රීධුරය අහෝසි කළත් සටන නවත්වන්නේ නෑ
සිය මන්ත්‍රීධුරය සති හතරකට නොව ජීවිතාන්තය දක්වා තහනම් කළඳ එල්ටීටිඊ සංවිධානයට විරුද්ධව ගෙන යන අරගලය නතර නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අද (04දා) පැවසීය.
නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
තමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තුව හසුරුවමින් සිටින බවත්, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව බහුතර මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවී තිබෙන බවයි.

popular news
-
Manel Thursday, 05 July 2018 09:57 AM
කරු ජයසුරිය කතානායක ධූරය කිහිප වතාවක්ම ගැටලුවකට පත්කළා. මොහු පක්ෂ ග්රහී බව පෙන්වනවා.
Reply : 1 0
rocky Saturday, 07 July 2018 07:51 AM
මහත්තයෝ, සටන් කියන්නේ ඔය අදින පලකට නැති ජල්බරි වලට නොවෙයි. හැසිරෙන්න නොදන්නා වඳුරෝ වගේ ජෝකර්ලාව පාර්ලිමේන්තුවට චන්දෙන් පත් කරගන්න මෝඩයන්ට මේවත් හොඳ පාඩම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

