ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට රජය සූදානම්
රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත්, මේ පිළිබඳව ඊයේ (17දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
2015 හා 2016 වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද එම පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව මෙම යෝජනා දෙකම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කැමැත්ත පළ කළ බවත්, එම අවස්ථාවේදී මෙය පිළිනොගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසූ බවත් මහලේකම්වරයා කියා සිටියේය.
මෙම වාර්තාවට අනුව අද වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රශ්නයක් පැමිණි බවත්, ඇමෙරිකාව මානව හිමිකම් පිළිබඳව සුදනෙක් වීමට කටයුතු කළත් හමුදාපතිට කිසිදු සාක්ෂියක් නොමැති චෝදනා එල්ල කර තිබෙන බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
