ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වුවත් එක්සත් ජාතිනීගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව සහාය දෙන බව ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති අතුල් කේෂාප් මහතා හා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015දී ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ හා 2017දී ඉදිරිපත් වූ 34/1 යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ කියාවලියට මෙන්ම සාමය ස්ථාපිත කිරිම වෙනුවෙන් උපරිම සහාය දක්වන බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගන්නා ප්‍රගතිය සමීපව අධ්‍යයන කරන බවත් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමටත් කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරත් දැක්වෙයි.
2018/06/19 සිට බලපැවැත්වෙන පරිදි ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වීමට තීරණය කළේය.
