ජිනීවා මානව හිමිකම් යවන්න පළමු යොජනාව උතුරෙන් ලැබෙයි
ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද නියෝජිතයෙකු වූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා වෙතට අද (10) දහවල් උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පළමු යෝජනාව භාර දෙනු ලැබීය.
ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ඇති යෝජනා තමන් වෙතට භාර දෙන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙස් රාඝවන් මහතා විසින් උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට, ආගමික නායකයින්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන වෙතට දැනුම් දීමෙන් පසුව අද දිනයේදී දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම් හා ආනන්දි ශෂිධරන් මහත්මිය ඇතුළු පිරිසක් විසින් අදාළ යෝජනාවන් උතුරු ආණ්ඩුකාරවරයාට භාර දීම සිදු විය.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් සභාව වෙතට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සාමාන්‍ය ජනතාවටද අවස්ථාවක් සලසා දෙමින් මේ මස 13 වන බදාදා දිනයට යෙදී ඇති ඇති මහජන දිනයේදී මහජනතාවගේ යෝජනාද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට උතුරු ආණ්ඩුකාර වරයා විසින් පියවර ගෙන ඇත.

popular news
-
Champa Sunday, 10 March 2019 10:30 PM
හොඳයි වැඩේ. සිවාජිලිංගම්, ආනන්දී ශෂිදරන් සාමාන්‍ය ජනතාවද? මේ පට්ට LTTE කොටි. කොටින්ගේ යෝජනාවේ තියෙන්නේ මොනවාද කියලා රටම දන්නවා. ජනාධිපති රටට කරන්න පුළුවන් අන්තිම ද්‍රෝහිකමත් කළා රඝවාන් වගේ ජාතිවාදියෙක්ව ජිනීවා යවන්න තෝරාගෙන. අඩු ගානේ මේ යෝජනා යවන්න ඉස්සෙල්ල ආරක්ෂක අමාත්‍යංශයෙන්, ත්‍රිවිධ හමුදාවෙන් සහ විදේශ අමාත්‍යංශයෙන් අනුමත විය යුතුයි කියලා නීතියක් දැමිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
