ජාවාරම්කරුවන්ට කලින් පාලකයන් එල්ලිය යුතුයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලීමට පෙර ඔවුන්ට නායකත්වය දෙන, ඔවුන් නීතියෙන් ගලවා ගැනීමට කටයුතු කරන, පාතාලයට රිසිසේ රට තුළ සැරිසැරීමට ඉඩදෙන පාලකයන් එල්ලිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (12දා) පැවසූහ.
රාජගිරිය නාවල පාරේ පිහිටි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ හිමියන් මේ බව පැවසූයේය.
රටේ නායකත්වයේ නෝංජල්කම නිසා රට මිනීකන්නන්ගේ දේශයක් බවට පත්වී තිබෙන බවත්, පාලකයන් බණ දේශනා කරමින් මහණදම් පිරීමට සූදානම් නොවිය යුතු බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සහය ලබාදිය යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අමතරව හොරකම් කරන, ස්ත්‍රීදූෂණ කරන, මුදල් වංචා කරන සියලු දෙනාද එල්ලා මැරිය යුතු බවත්, එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා පාලකයන්ට ප්‍රතිපත්තියක් නොමැති බවත් මෙහිදී ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
