අවුරුදු ගණනක් ඉතිහාසය පුරාවටම දේශපාලන වශයෙන් කල්ලි හදාගනිමින් වාද-විවාද කළ බවත් දැන් අපිට තියෙන්නේ ජාතීන් විදිහට, වර්ග විදිහට හෝ පක්ෂ විදිහට නොබෙදි මේ රට ගොඩනැගිමට බවත් ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එක්ක එකතු විය යුතු බව හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති ජන හමුවකින්අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිනවා. අපි දැක්කා ජනාධිපතිතුමා සියලු නිලධාරීන් කැඳවලා බොහොම සෘජු තීන්දුවක් අරගෙන තියන ආකාරය අපි දැක්කා. ආණ්ඩුවක් විදිහට මහබැංකුව, මුදල් අමාත්‍යංශය ගන්නා වූ තීන්දු තීරණ පිළිබඳව අදාළ නිලධාරීන් ඒ අනුව කටයුතු කරන්නේ නැත්නම් ජනාධිපතිතුමන්ට වුණත් බලාපොරොත්තු වන සංවර්ධනය මේ රටට කරන්න බැරි වෙනවා.
ඒ නිසා අපි මේ සිද්ධිය හෙළා දකිනවා වගේම සියලුම රජයේ නිලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා අපි කොරෝනා වලින් බොහෝම පාඩු ලබමින් නැගිටින්න අවශ්‍ය අවස්ථාවක් ඒ නිසා අපි මේක තමන්ගේ දෛවය තමන්ගේ ශක්තිය, කැපවීම හා තමන්ගේ යුතුකම රටට ඉෂ්ඨ කරොත් තමයි අපිට මේ රට නගාසිටුවන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැක්කා ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව බැංකු වලට මේ සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලිව කිව්වා. එහෙම නම් ජනාධිපතිතුමන් බලාපොරොත්තු වෙන විදිහට මේ රටේ බැංකු ක්ෂේත්‍රයත් ඒ වගේම මූල්‍ය ආයතනත් මේ වෙලාවේ, මේ රටේ කොරෝනා වලින් වැටිච්ච ව්‍යාපාරිකයන් නගා සිටුවීම සඳහා ඒ අයට ශක්තියත් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමන් බලාපොරොත්තු වෙන ඒ නියම හයිය රටේ ජනතාවට හරියාකාරව ලබා දෙන්න කියන කාරණය අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
