ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවති. ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන අතර, එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියා මාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැනුම් දෙයි.
