ජාතික විගණන පනත් කෙටුම්පත තුන්වැනි වතාවටත් අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවත්, මේ නිසා මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්ව පනත සම්මත කරදෙන ලෙසත් විගණන සේවා සංගමය මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියි.
අදාළ පනතට මේ වනවිට අවස්ථා තුනකදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවත්, ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේදී පනත් කෙටුම්පත ගැසට් කළ බවත් එම සංගමයේ සභාපති කුමාරසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.
රාජ්‍ය මුදල් අවභාවිතය වැළැක්වීමට හා ජාතික විගණන කොමිසම බලාත්මක කරගැනීම සඳහා ජාතික විගණන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවද ඔහු පවසා සිටියේය.
මේ අනුව එය මේ වසරේ අප්‍රේල් 04 වැනිදාපාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ පිළිබඳ මේ වසරේ අප්‍රේල් 09 සහ මැයි 09 යන දිනවල සාකච්ඡාවට ලක්කිරීමට සැලසුම් කළද එය සිදුනොවූ බවත්ඒ මහතාසඳහන් කළේය.
මේ අනුව අවස්ථා 26කදී සංශෝධනයට ලක්වූ ජාතික විගණන කෙටුම්පත අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන බවත්, මේ නිසා ජාතික වගකීමක් සේ සලකා මෙය සම්මත කරදෙන ලෙසට පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත්හෙතෙමසඳහන් කළේය.
