ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ අද (09දා) වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදු කරන බව එම සංගමයේ සඳහන් කරයි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා නව අධ්‍යක්ෂවරයෙකු පත් කරන ලෙසට බල කරමින් මෙම වැඩවර්ජනය දියත් කරන බවත් එසේ නොකළ හෝත් ඉදිරියේදී වර්ජන ක්‍රියා මාර්ගය තීව්ර කරන බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
