ජාත්‍යන්තරය නොවේ කවුරු කීවද රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් මම කරන්නෑ - ජනපති
ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ පැවති උත්සවයකට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා,
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම සිදුවී නොමැති බවටත්, ඒ සඳහා කොමිසමක් පත්කළ යුතු බවටත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති යෝජනාව රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කරගෙන සිදුකරන ලද්දක් බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එලෙස කොමිෂන් සභාවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බවද සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර මානව හිමිකම් කොමිසම නිකුත් කර තිබෙන වාර්තාවේ සඳහන් පරිදි අප සම වගකීම් භාරගැනීමේ ප්රතිපත්තියකට ඉදිරි වසර දෙකකින් පසු එළැඹෙන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමග සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Wednesday, 27 March 2019 05:38 PM
Ok, Mr. President, if you have nothing to do with that decision, recall the PRUN/Geneva for betraying the country by signing a document of paramount importance, without your approval !!!!!!!! You recalled an entire Mission for not answering a phone call. Why don't you take any action against Aziz, if you vehemently condemn his highhandedness? Let's see who is the Pinocchio here .
Reply : 0 0
රත්නසේන Wednesday, 27 March 2019 06:50 PM
ජනාධිපතිතුමනි ජාත්‍යන්තරය කියා දෙයක් නැත. තිබෙන්නේ දිනෙන් දින බංකොලොත් වන එක්සත් ජාතින් ගේ සංවිධානය නම් මාෆියාව පමණි එය ඉදිරියේ එඩිතරව සිටගනිමින් අපේ රටේ ස්වෛරිභාවය වෙනුවෙන් විවෘතව අදහස් ප්‍රකාශකරන්න - අපිට තිබෙන ප්‍රධානම ප්රශ්නය අපේ රටේ සිටින්නේ ගොබ්බ දේශපාලකයෝ පිරිසක් වන අතර "නායකයින්" නැති වීමේ බලවත් ප්රශ්නයයි!
Reply : 0 0
rocky Thursday, 28 March 2019 07:51 AM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරන විධායක ජනාධිපති කෙනෙක් බලයේ ඉන්න රටක තියන ස්වාධීනත්වය මොකද්ද? ඔබතුමා කටයුතු කරන්නේ මේ රටේ පරම අයිතිකාරයා වගෙයි නේ!
Reply : 1 0
dilal Thursday, 28 March 2019 03:35 PM
it is said that you are doing nothing sir .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

