ජවිපේ හිටපු මන්ත්රී ලාල් කාන්ත අත්අඩංගුවට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1දා) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන්, එම යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා ඇගේ ඥාතී දියණියක් සුළු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, අනතුර සිදු කළ හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අංක 81, ගම්මාන 3, කටියාව පාර, එප්පාවල ලිපිනයේ පදිංචි කේ.ඒ. නිලන්ති රූපිකා (45) යන අය හා ඇගේ ඥාතී දියණියක් වන, කැලේ අමුණුකොළේ එප්පාවල ලිපිනයේ පදිංචි ආර්.ඒ. තිළිණි හංසිකා (14) යන අයයි.
අනුරාධපුර නගරයේ සිට ජයන්ති මාවත ඔස්සේ, 2 කණුව දෙසට ගමන් කළ කැබ් රථය අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපට දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී, 2 කණුව දෙස සිට අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි.




අනුරාධපුර - බී.ජී.චතුරංග
popular news
-
sg Friday, 01 March 2019 11:33 PM
මේවද රටේ ප්රදාන ආරංචි මේ රටේ මද්යවේදීන්ගේ ඔලු ටිකක් හදල ගවේසනාත්මක මාද්යක් වෙනුවෙන් ඔඋන් පුරුදු කරමු.
Reply : 1 0
lion Saturday, 02 March 2019 05:37 AM
මහින්දානන්දගේ පුතාට වගේ ඔබට ඇප ලැබෙන්නේ නැ. ඖරුදු 16 කෙල්ල දුෂණය කල පොහොට්ටුවේ පළාත් සබා මන්ත්රීට වගේ ඔබට ඇප ලැබෙන්නේ නැ.මෙරටේ නීතිය බලවන්තයගේ paththatai
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
