කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී .ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ශශී සුපුන් මහතා අද ( 05දා) එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි.
සැකකාර මන්ත්‍රීවරයා පනාපිටිය ප්‍රදේශයේ සිදු කරන බව කියන අනවසර ඉදි කිරීමක් උප සභාපතිවරයා නැවැත්වීම සම්බන්ධයෙන් උරනව ඔහු සොයා නිවසට ගොස් ඔහු නොමැති වීම හේතුවෙන් ගේට්ටුවට තියුණු ආයුධයකින් පහර දී ඇති බව උප සභාපතිවරයාගෙ බිරිඳ පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
ගේට්ටුව විවෘත කර නිවස තුලට පැමිණි සැකකාර න්ත්රී වරයා ඇතුලු තිදෙනෙක් නිවස තුළ උප සභාපතිවරයා සොයා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කලුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ