රට තුළ ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීමට ජීවන වියදම් කමිටුවේ ප්‍රථම රැස්වීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 දා රැස්ව තිබේ.
මෙහිදී ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට සැපයෙන බවට තහවුරු කර ගැනීම හා ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීම නියාමනය පිණිස තීරණ කිහිපයක් ගෙන තිබේ.
එම තීරණ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
01 ජීවන වියදම අඩු කිරීම පිළිබඳව කටයුතු කිරීමේදී එම ගැටලුව දැඩි ලෙස බලපාන කාණ්ඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
02 ගොවීන් වගාවට නැඹුරු කිරීමට හැකිවන පරිදි ස්ථාවර දේශීය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම හා ඒ අනුව ආනයනයන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කිරීම.
03 අතරමැදියාගේ බලපෑම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යන බැවින් ගොවියාගේ නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා දෙමින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට භාණ්ඩ ලබා ගැනීමට ක්‍රම වේදයක් සකස් කිරීම.
04 දේශීයව වගා කළ හැකි ඉහළ ගුණත්වයෙන් යුත් බීජ වර්ගවල හිඟයට පිළියමක් වශයෙන් හා භාවිතයෙන් ඉවත් වෙමින් පවතින දේශීය බීජ වර්ග සංරක්ෂනය කිරීම සඳහා බීජ බැංකුවක් පිහිටුවීම.
05 එළවළු හා පළතුරු වැනි නිෂ්පාදනවල මිල නියාමනය කරමින් දැරිය හැකි මිලකට පාරිභෝගිකයන් වෙත කාර්යක්ෂම ලෙදා බෙදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
06 ගොවියාගේ නිෂ්පාදන සෘජුවම මිලදි ගෙන නගරයන්හි ජනාකිර්ණ ස්ථාවල අලෙවි කිරීම සඳහා වැවිලි අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල මූලිකත්වයෙන් වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම
07 දේශීය වශයෙන් වගා කළ හැකි අතිරේක භෝග වගාව කෙරෙහි ගොවීන් මේ වන විට විශාල වශයෙන් නැඹුරු වී ඇති බැවින් එවැනි භෝග ආනයනය අත්හිටුවීම හා වෙනත් ආවේණික දේශීය එළවළු වර්ග නිෂ්පාදනය ඉහළ නැංවිමටත් ආනයනය කළ යුතු භෝග වර්ග සඳහා දේශීය වශයෙන් ආදේශ කළ හැකි භෝග ප්‍රවර්ධනයටත් ප්‍රමුඛතාව ලබා දීම.
08 මහ කන්නයේ වී අස්වැන්න වෙළඳපොළවට ලැබෙන තෙක් සහල් මිල ඉහළ නොයන පරිදි ආරක්ෂිත තොග පවත්වාගෙන යමින් රජය විසින් නියම කර ඇති සහතික මිළමට වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බවට තහවුරු කර ගැනීම.
කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂයෙන්ම බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන් නවතා ඇති බැවින් බඩ ඉරිඟු මිල ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් කුකුළු මස හා බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බඩ ඉරිඟු වෙනුවට ආදේශකයක් ලෙස තාවකාලිකව ආනයන බලපත්‍ර මත තිරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබේ. ඒ අනුව රට තුළ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉඩම්, බීජ, පොහොර හා අවශ්‍ය තාක්ෂණය ලබා දිම සඳහා යෝග්‍ය වැඩ පිළිවෙළක් අදාළ වගකිවයුතු ආයතන විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරිම.
09 පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට මාළු මිලදී ගැනීමට හැකිවන පරිදි ධීවර සංස්ථාව විසින් සිය අලෙවිසැල් ප්‍රමාණය වැඩි කළ යුතු අතර අලුතින් විවෘත කිරීමට සැලසුම් කර ඇත වෙළඳසැල් 40 කඩිනමින් විවෘත කිරීම.
09 දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කඩිනිමන් පියවර ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය දැනුම කිරී ගොවින්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම.
10 සාධාරණ මිලකට පොල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන පරිදි වැවිලි අමාත්‍යාංශය විසින් ජනාකීර්ණ නගරවලදී පෙල් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.