ජීවන වියදම දරන්න බැරි තරමටම අද ආර්ථිකය කඩා වැටි ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.
අම්බලන්ගොඩ අද (20 ) පැවති සාකච්ජාවකට එක්වෙමින් මේ බව පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා ,
අද රට කඩා වැටිලා. ව්‍යාපාර එහෙම පිටින්ම ඇණහිටලා.මිනිසුන්ට රැකියා අහිමි වෙලා.කොටින්ම කියනවානම් අද රට නන්නත්තාර වෙලා. ජනතාවට ජීවත්වෙන්න බැරි තරමටම බඩු මිල ඉහල ගිහිල්ලා.
බඩු මිලේ ඉහල යාම අද ජනතාවට දරන්න බැහැ. එදා රුපියල් පනහකට හැටකට මිලදි ගත්ත පොල් ගෙඩියක් අද ගන්න වෙලා තියෙන්නේ ඊට වඩා දෙගුණයක් ගෙවලා රුපියල් එකසීය විස්සකට විතර . දුප්පත් මිනිහා කාපු විටටත් අද තිත තියන්න වෙලා තියෙනවා. එදා ශත ගණන්වලට ගිය පුවක් ගෙඩිය අද රුපියල් විසිපහක් තිහක් වෙනවා. මේ වගේ අනෙක් සෑම බඩුවකම මිල ඉහල ගිහිල්ලා. බඩු මිලේ ඉහල යාම ගැන කතා කරන කොට සමහර උදවිය කියනවා බඩු මිල ඉහල ගියාට කමක් නැහැ ජීවත් වෙන්න රටක් තියෙනවා නේද කියලා. ඔන්න ඔයවගේ තර්ක ඉදිරිපත් කරලයි බඩු මිල ඉහලයාමේ තත්ත්වය ඇතැම් අය යටපත් කරන්න හදන්නේ.
දෙයියනේ කියලානම් රාජපක්ෂවරු තුන් වේලම හොදට කනවා කොළඹ ඉදලා. ඒ අයට තේරෙන්නේ නැහැ බඩු මිල ඉහලයාම නිසා ජනතාව විදින දුක. ඒ අයට ඒ දුක දැනෙන්නෙත් නැහැ. රටේ ජනතාව මොනතරම් පීඩාවට පත්වුණත් රාජපක්ෂවරු රජ කරවන්න ඇතැම් වන්දි භට්ටයන් ක්‍රියා කරනවා. ඒ ඒ අයට වරදාන වරප්‍රසාද දිනා ගන්න. ඔය අතරේ හෘද සාක්ෂියක් කියලා තියෙන අයත් ඉන්නවා . ඒ අය දන්නවා රාජපක්ෂලා මේ විසිවැනි සංශෝධනය ගේන්නේ ඔවුන්ගේ බලය රැකගන්න කියලා. මේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ගෙන ආවාම මමනම් හිතන්නේ නැහැ ඒ අයත් මේකට පක්ෂව ඡන්දය දේවි කියලා.
රාජපක්ෂලාට ඒකාධිපති වියරුව වැටුනාම ඒ අය කරන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. විසි වැනි සංශෝධනයෙන් ගන්න හදන්නෙත් රාජපක්ෂවරුන්ට ඒකාධිපති පාලනයක්. මේ සංශෝධනයෙන් රටට වෙන යහපතක් නැහැ. එයින් රටට වෙන්නේ ඉතාම අයහපතක් යයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.