උසස්පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයට අදාළ පොත් හා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව තවමත් නිසි ලෙස ලබාදී නොමැති බව ශිෂ්‍ය සංගම් දෙමාපිය සංගම් ගුරු සංගම් සඳහන් කරති.
මේ නිසා මෙවර උසස්පෙළ විභාගයට ජීව විද්‍යා විෂයෙන් පෙනී සිටින පිරිසට සාධාරණයක් ඉටුකරන වැඩපිළිවෙළක් සකස් කලයුතු බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
පවතින ගැටළු පිලිබඳව 2017 වසරේ සිට බලධාරීන්ට පෙන්වා දුන්නත් මෙතෙක් එය නිවැරදි කර නොමැති බවද අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විද්‍යාපීඨ පුහුණු ගුරු සංගමය හා ජීව විද්‍යා විෂය හදාරණ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (14 දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.