මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවර එළිය දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.
විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා වන සාකච්ඡාවක් අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර නොර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.
ඉහළ කොත්මලේ ජලාශයේ ද එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේය.