සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජලභීතිකා ප්‍රතිකාරයන් සඳහා වැය කරන මුදල ඇතුළත් බිල්පතක් නිකුත් කිරීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ජලභීතිකා ප්‍රතිකාර ඒකකයේදී පසුගියදා ආරම්භ විය.
මෙම බිල්පත නිකුත් කරනු ලබන්නේ තම ප්‍රතිකාර කටයුතු සඳහා රජය කොපමණ මුදලක් වැය කරන්නේද යන්න පිළිබඳව රෝගියාට දැනගැනීම සඳහා වන බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
