දිවයිනේ ඇතැම් ස්ථාන වලට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පානීය ජලය ලබා ගන්නා ප්රධාන ජලාශ හා ජල මුලාශ සිඳි යාම හේතුවෙන් ඇතැම් ප්රදේශවලට ජල සැපයුම සිමා කිරිමට සිදුවන බවයි.
එමෙන්ම උස් බිම් ප්රදේශවල ජනතාව අඩු පිඩනයක් යටතේ ජලය සැපයිම සිදුකරනු ලබන බවද වැඩිදුරටත් සඳහන් කරයි.