පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. විදුලිය නිෂ්පාදනය කරන සියලුම ජලාශවල ජල මට්ටම පොදුවේ 83%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළ යෑම හේතුවෙන් නොරොච්චෝලේ තාප බලාගාරයේ එක් යන්ත්රයක් නඩත්තු කටයුතු සඳහා නවතා දැමූ බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.