මඩකලපුව පෙරිය පුල්ලුමලයි ප්‍රදේශයේ ඉදිකරන පානීය ජල බෝතල් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීමට නවතන ලෙස ඉල්ලා අද (07දා) මඩකලපුව දිස්ත්‍රික්කයෙහි හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරිණි.
දෙමළ ජාතික සංවිධානය ඇතුළු දෙමළ පක්ෂවල සංවිධායකත්වයෙන් පැවති මෙහිදී දමිළ ජනතාව සිටින ප්‍රදේශවල කඩසාප්පු, පොදු වෙළෙඳ සංකීර්ණ, පාසල්, කාර්යාල වසා දමා තිබූ අතර මෙම ප්‍රදේශවල ගමනාගමන කටයුතුද ඇණහිට පැවතුණි.
නමුත් මුස්ලිම් ජනතාව පදිංචි ප්‍රදේශවල මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා එම ප්‍රදේශවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.
අදාළ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් නවතා දමන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් ඒ පිළිබඳ කිසිසු අවධානයක් යොමු නොවූ නිසා මෙම පියවර ගත් බව දෙමළ හැඟීම්කරුවන්ගේ සංවිධානය සඳහන් කරයි.
මඩකලපුව ජව්ෆර් කාන්