ජල පර්යේෂණ හා තාක්ෂණ සහයෝගීතාව සම්බන්ධයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් වෙනුවෙන් අතිරේක ගිවිසුමක් අත්සන් කර තිබේ. චීන විද්‍යා ඇකඩමිය (සීඒඑස්) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා හා ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නනායක්කාර මහතා මෙම ගිවිසුමට අද (14දා) අත්සන් තැබූහ.
චීනය හා ශ්‍රී ලංකාව අතර ජල සම්පාදන හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉහළ පෙළේ දූත පිරිස හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රථිපලක් ලෙස මෙම ගිවිසුමට අත්සන් තැබුණි.
මෙහි මුල් අවබෝධතා ගිවිසුම 2015 මාර්තු මාසයේදී අත්සන් තැබූවේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින වකුගඩු රෝගයට පිළිමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙනි. අවබෝධතා ගිවිසුමට අනුව, චීන ප්රදානය යටතේ වර්ග මිටර් 5000 ක භූමි ප්‍රමාණයකින් යුත් මහනුවර පේරාදෙිය විශ්ව විද්‍යාලයේ නවීන ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක්ද ඉදිකර තිබේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් ලෙස ඉදිරි වසර 5 තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් වසරකට RMB මිලියන 6-8 (LKR165-220) ක සහයෝගීතාවක් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල භූගත ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති තුනක් සහ වැසි ජලය එක්රැස් කිරීමේ උපකරණ 20 කට වැඩි ප්‍රමාණයක් මෙම සහයෝගීතාව අනුව ඉදිකර තිබේ. ඒ හරහා ගම්වාසින් 4,000 කට වැඩි පිරිසකට සහ ප්‍රාථමික පාසල් සිසුන් 1,300 කට පිරිසිදු පානීය ජලය ලබාගැනිමට අවස්ථාව ලැබී තිබේ. පසුගිය වසර පහ තුළ ජල හා වෛද්‍ය වෘත්තිකයින් 66 දෙනෙකු චීන විද්‍යා ඇකඩමියේ පුහුණු පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී ඇති අතර තර දැනට ශ්‍රී ලංකා උපාධිධාරී සිසුන් 53 ක් (ආචාර්ය උපාධිධාරීන් 19 දෙනෙකු ද ඇතුළුව) චීන විද්‍යා විශ්ව විද්‍යාලයේ (UCAS) ඉගෙනුම ලබති.