නව කොරෝනා වෛරසය පැතිරයාම මධ්‍යයේ යුරෝපයේ රාජ්‍යයන් පනවා ඇති දැඩි සීමා කිරිම් නොතකා, ජර්මනියේ බර්ලීන් නුවර පුද්ගලයන් 600ක් එක්රැස්ව පැවැත්වූ සාදයක් පොලීසිය මැදිහත්ව විසුරුවා හැර තිබේ.
බර්ලින් පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අගනුවර පැවති සාදය සඳහා සෑහීමකට පත්විය නොහැකි ලෙස සමාජ දුරස්ථභාවයන් නොතකා ඉතා කුඩා ඉඩක පිරිස් රැස්ව සිටි බවය.
යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන වැඩිවීමට එරෙහිව සටන් කරමින් සිටින අතර, එරට ෆ්රෑන්ක්ෆර්ට් නගරය සෑම වසරකම පවත්වන ප්‍රසිද්ධ නත්තල් වෙළෙඳ සැණකෙළියද අවලංගු කර ඇත.
යුරෝපයේ වැඩි ජනගහනයක් සිටින අනෙකුත් ජාතීන්ට වඩා ජර්මනිය වසංගතය හමුවේ මුල සිටම යම් හොඳ ප්‍රතිඵල ලබා තිබණද, නව ආසාදන 10,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කළ සිව්වැනි දිනය බවට ඉරිදා පත්විය. වසංගතය ආරම්භ වූදා සිට මේ වනවිට එරට සමස්ත ආසාදන සංඛ්‍යාව 430,000 ඉක්මවයි.
වෛරසය හේතුවෙන් ජර්මනියේ පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මියගොස් ඇත. ඒ අනුව බර්ලීන් නගරයේදී විසුරුවා හැරුණු සාදය පුද්ගලයන් 250කට පමණක් අවසර ලබාදී තිබූ සාදයක් බව පැවසෙයි. එමෙන්ම ඊට සහභාගී වී සිටි වැඩි පිරිසක් මුඛ ආවරණ පැලඳ නොසිටි බවද පොලීසිය පවසයි.