ජර්මනිය දෙසැම්බර් මාසයේදීම කොවිඩ්-19 එන්නත් එරට ජනතාව වෙත ලබාදීම සඳහා සූදානම් වෙමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සුබවාදී නිවේදනයක් කරයි.
"මේ වසරේදීම යුරෝපයේ එන්නතක් අනුමත කරනු ඇතැයි යන සුබවාදී බලාපොරොත්තුවෙන් අප පසුවෙනවා. එවිට අපට වහාම එන්නත් ලබාදීම ආරම්භ කළ හැකිය" ස්පාන් පැවසීය.
එන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ස්පාන් වැඩිදුරටත් පැවසීය.